නංගිගේ මඟුලේදි අක්කා අයි පෑඩ් එකක් උස්සලා

null

බණ්ඩාරගම ප්‍රදේශයේ සිය බාල සොහොයුරියගේ විවාහ උත්සවයේදී අයි පෑඩ් එකක් සොරකම් කල ඇයගේ වැඩිමහල් සහෝදරිය මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

ඊයේ (28) පැවති විවාහ මංගල උත්සවයකදී ඊට පැමිණි මනාලියගේ වැඩිමහල් සහෝදරිය සහ ඇගේ සැමියා විසින් මනාලයාගේ යහළුවෙකුගේ අයිපෑඩ් වර්ගයේ ටැබ්ලට් පරිගණයක් සොරකම් කර තිබේ. පසුව තම අයිපෑඩ් ටැබ්ලට් පරිගණකය අතුරුදන් වී ඇති බවට දැනගත් මනාලයාගේ යහළුවා ඒ පිළිබඳව බණ්ඩාරගම පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබේ.

එහිදී කි‍්‍රයාත්මක වූ පොලිසිය ටැබ්ලට් පරිගණකයේ ජී.පී.එස්. හෙවත් ස්ථානීය සැකසුම් අනුව පරීක්ෂා කරමින් පළමුව පානදුර – හිරණ ප‍්‍රදේශයේ නිවසකට ගොස් තිබෙනවා. එහෙත් එහිදී නැවතත් පෙන්නුම් කර ඇත්තේ අදාළ ටැබ්ලට් පරිගණකය පිළියන්දල – මඩපාත ප‍්‍රදේශයේ නිවසක ඇති බවටයි.

ඒ අනුව පොලිසිය පිළියන්දල නිවකසට යද්දී ගෙදර සිටි කතක කිසියම් දෙයක් එළියට විසිකරනු පොලිසිය දැක ඇත. පසුව එය නැතිවූ අයි පෑඩය බවට හඳුනාගෙන තිබේ.

එහිදී ඇය ප‍්‍රකාශ කර ඇත්තේ සිය සැමියා විසින් මෙම ටැබ්ලට් පරිගණකය රැගෙන ආ බවයි. ඒ අනුව කි‍්‍රයාත්මක වූ පොලිසිය ඇයගේ සැමියා අත්අඩංගුවට ගත් අතර, පසුව අද දිනයේ සිද්ධිය සම්බන්ධයෙන් මනාලියගේ වැඩිමහල් සහෝදරියද අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන් අද හොරණ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. වෘත්තීයෙන් මනාලියගේ වැඩිමහල් සහෝදරිය ගුරුවරියක වන අතර ඇයගේ ස්වාමි පුරුෂයා සූපවේදියෙක්.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>