නකල්ස් ගිය ජර්මන් කත අතුරුදහන් – පැය 30ක මෙහෙයුමකින් පසු සොයා ගනී

null

පසුගිය සිකුරාදා (24) නකල්ස් තරණය කිරීම සඳහා ගොස් සිටි විදේශ ජාතික කණ්ඩායමක එක කාන්තාවක් කණ්ඩායමෙන් මග හැරී අතුරුදහන්ව තිබේ. ජර්මන් ජාතික කාන්තාවන් අට දෙනෙකු සහ පිරිමි තුන්දෙනෙකු දේශීය මග පෙන්වන්නෙකුගේ ද සහය ඇතිව ඔවුන් නකල්ස් රක්ෂිතය තරණය කිරීම ආරම්භ කර තිබුණේ මීමුරේ මාර්ගයේ ඩීන්ස්ටන් ප්‍රදේශයෙනි.

මෙම කණ්ඩායමේ සිටි එක කාන්තාවක් තමන්ට එපමණ දුර යාමට නොහැකි බව පවසා නැවත ආපසු හැරී තනිවම පැමිණි වහනය වෙත යාමට පැමිණ තිබේ. නමුත් පොලීසිය පැවසුවේ ඒ වනවිට එම කාන්තාව ගමන ආරම්භ කළ ස්ථානයේ සිට කිලෝමීටර් දෙක හමාරක පමණ දුරක් රක්ෂිතය ඇතුලට ගොස් තිබූ බව ය.

ඇය 70 හැවිරිදි ඇල්වින් උර්සුලා නම් ජර්මන් ජාතික කාන්තාවකි.

නකල්ස් තරණය කළ පිරිස පස්වරු එකයි තිහට පමණ යළි පැමිණ එම කාන්තාව සෙවූ නමුත් ඇය හමු වී නොමැත. පසුව එම විදේශීකයින් උඩුදුම්බර පොලීසියට කළ පැමිණිල්ලකට අනුව අතුරුදන් වූ කාන්තාව සොයා පස්වරුවේ සිට පරීක්ෂණ ආරම්භ කර ඇත. උදෑසන වනතුරු ත් ඇය සොයා ගැනීමට නොහැකි වු අතර පසුව පොලිස් විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව, ගුවන් හමුදාව, පොලීසිය සහ ප්‍රදේශවාසීන් ද එක්ව ඇය සෙවීමේ කටයුතු ආරම්භ කළහ.

පසුව ප්‍රදේශයේ තේවත්ක සිහි සුන්ව වැටි සිටියදි එදින පස්වරු හතරට පමණ ඇය සොයා ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ වැස්සට තෙමී නිරාහාරව සිටි ඇය කූඩැල්ලන්ගේ ප්‍රහාරයට ද ලක්ව සිටි බවයි.

පසුව ඇය ප්‍රතිකාර සඳහා තෙල්දෙණිය රෝහලට ඇතුළත් කර තිබූ අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහරෝහලට මාරුකර යවා තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>