නගරාධිපති සහ විපක්‍ෂ නායක ගුටි කෙළියක

null

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාව ඉදිරිපිට ඊයේ (07) සිදුවූ පහරදීමේ සිද්ධියක් හේතුවෙන් එම නගරසභාවේ නගරාධිපති සහ විපක්‍ෂ නායක රෝහල්ගත කර තිබේ.

විපක්ෂ නායක සුගත් අප්පුහාමි කෝට්ටේ නගර සභාවේ දූෂණ සිදුව ඇතැයි කියමින් තාප්පයක් උඩ නැග විරෝධතාවයක සිටින අතරතුර එතැනින් ගිය පිරිසක් ඔහු බිමට තල්ලු කළ බවත් ඉන්පසුව පැවති ගාලගෝට්ටියකදී අප්පුහාමිට පහරදී ඇති බවත් සිද්ධිය දුටුවන් පවසයි.

එම අවස්ථාවේදී නගරාධිපති ජනක රණවක මහතාද එම ස්ථානයේ සිට ඇති අතර ඔහුද පහරදීමට සම්බන්ධ වී ඇති බව වාර්තා වේ.

පසුව විපක්ෂ නායක සුගත් අප්පුහාමි වැලිකඩ පොලිසියට ගොස් පැමිණිලි කර ඇත්තේ නගරාධිපතිවරයා තමන්ට පහරදුන් බවයි. එමෙන්ම නගරාධිපතිවරයා ද වැලිකඩ පොලිසියට ගොස් පසුව විපක්ෂ නායක සුගත් අප්පුහාමි පහරදුන් බව කියමින් පැමිණිල්ලක් කර ඇත.

අනතුරුව දෙදෙනාම ප්‍රතිකාර සඳහා රෝහල්ගත වී තිබේ.

null
null
null
null

pics – ලංකාදීප

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>