නගර අලංකරණය විධිමත්ව කරන්න

null

කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල පවිත්‍රතාව සහ නගර අලංකරණ කටයුතු විධිමත් අයුරින් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් ලබාදී ඇත.

ඒ, කොළඹ නගරයේ පවිත්‍රතාවය සහ නගර අලංකරණය කටයුතු පිළිබද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාවකදීයි.

කොළඹ නගරය පිරිසුදු සහ ආකර්ෂණීය නගරයක් ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කරන ලෙසත්, එම වැඩසටහන් ශක්තිමත්ව ඉදිරියට ගෙනයන ලෙසත් ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබේ. එමෙන්ම අදාළ වැඩසටහන ශක්තිමත්ව ඉදිරියට කරගෙන යාමට ඊට සම්බන්ධ සියලූ පාර්ශව ඍජුවම මැදිහත් විය යුතු බවද ජනාධිපතිවරයා මෙහිදි පෙන්වාදී තිබේ.

ශ්‍රී ලංකා පොලීසියේ පරිසර අංශයේ මැදිහත්වීමෙන්, නගරාධිපතිවරුන් ඇතුළු වගකිව යුතු සියලු පාර්ශ්වයන්ගේ දායකත්වයෙන් අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දී ඇත.

මිට පෙර රජය විසින් සිදු කරගෙන ගිය නගර අලංකරණ කටයුතු ආණ්ඩු මාරු වීමත් සමග අඩාල වී ගිය අයුරු පසුගිය කාලයේ දකින්නට ලැබුණි. ශරීර සුවතා කටයුතුවල නිරතවීම සදහා ඉදිකෙරුණු මංතීරුවල පිරිසිදු කිරීම් සහ නඩත්තු කටයුතු නිසි පරිදි සිදු නොවිය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>