නදීෂා රඟපාන හොල්මන් චිත්‍රපටය

null

ජනප්‍රිය රංගන ශිල්පිනියක වන නදීෂා හේමමාලි රංගනයෙන් දායක වන “එමලි” නමැති චිත්‍රපටය ඉදිරියේදී තිරගත වීමට නියමිතය. අද්භූත කතාවක් වටා ගොඩනැගුනු මෙම චිත්‍රපටය ලංකාවේ දෙවන Horror චිත්‍රපටය යි.

මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය ජනප්‍රිය රංගන ශිල්පී සම්පත් ශ්‍රී රෝෂන් විසින් සිදු කරන අතර ඔහු මෙහි ප්‍රධාන චරිතයකට ද දායක වේ. එමෙන්ම මෙහි නිෂ්පාදනය – අමිල එරන්ද මනම්පේරි, තිර රචනය – රිහාන් රවීන්ද්‍ර, කැමරාකරණය – රංගන එස්. බංඩාර, සංස්කරණය – ප්‍රවීන් ජයරත්න, සංගීතය – රංග දසනායක සහ ගීත රචනය – ෂෙහාන් ගලහිටියාව.

නදීශා හේමමාලි, සම්පත් ශ්‍රී රෝෂන් සහ අචල වල්පොල ඇතුළු ජනප්‍රිය නළු නිළියන් රැසක් මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වේ.

මෙහි කතාව ගොඩනැගෙන්නේ පහත පරිදිය…

එමලිගේ මෝටර් රථය පදවාගෙන රෝසි වේගයෙන් ගමන් කරයි. රෝසිගේ පාලනයෙන් තොරව මොටර් රථය තුළ අද්භූත සිදුවීම් සමුදායක් සිදු වෙයි. අවසන රෝදයක හුළං පිටව රථය නතර වෙයි. රෝසි අමතර රෝදය පිටතට ගෙන එය සවි කිරීමට උත්සාසහ කිරීමේදී ඩිකියේ තිබූ මංගල මුදුවක් හමු වෙයි. එය රෝසි තම ඇඟිල්ලේ රඳවා ගනියි. ඉන්පසු සිදු වන්නේ ත්‍රාසජනක සිදුවීම් මාලාවකි.

රූමත් රෝසිගේ ශරීරයට එමලිගේ ආත්මය ඇතුලු වෙයි. ඉන් පසු රෝසි කටයුතු කරන්නේ එමලි ලෙසය. අතරමඟදී හමුවන ජානකී නම් කාන්තාවකට ඇය පහර දෙයි. ඇගේ නිසල සිරුර රියේ දමාගෙන පිටව යයි.

රෝසිගේ රිය පාලුවට ගිය බංගලාවකට පිවිසෙයි. අප්‍රාණික ජානකීගේ සිරුර එහි දමා එලියානා නම් තම ජීවිතය උදුරා ගත් කාන්තාව සොයා යයි. එලියානා සුවිසල් ගොවිපලක පාලිකාවකි. එලියානා රොනල්ඩ් නම් තරුණයාට ආදරය කරයි. එමලිගේ උත්සාහය තම මරණයට වගකිව යුතු එලියානාගෙන් පලිගැනීමයි. එමලිගේ උත්සාහ කරන්නේ ජානකී මරා දමා එහි වගකීම එලියානා පිට පැටවීමයි. රෝසිට ආදරය කළ රොමේෂ් ද මෙම සිදුවීම්වලට පැටලෙයි. එම ක්‍රියාදාමය අතර සිදුවන ත්‍රාසය පිරි සිදුවීම් එමලි චිත්‍රපටය තුළින් විදහා පෙන්වයි.

nullnullnull

null

nullnull

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>