නයිජීරියාවේදී ලාංකිකයෙකු පැහැරගෙන කප්පම් ඉල්ලයි

null

පසුගිය අඟහරුවාදා නයිජීරියාවේදී ඔන්ඩෝ සහ කෝගි ප්‍රාන්ත මායිමේදී ශ්‍රී ලාංකිකයෙකු පැහැරගැනීමට ලක්ව තිබේ. මෙලෙස පැහැරගැනීමට ලක්ව ඇත්තේ වේයන්ගොඩ – මොට්ටුන්න ප්‍රදේශයේ පදිංචි ඞී.ඒ. කරුණාදාස නමැති අයෙකි.

නයිජීරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් හඳුනාගෙන ඇති පරිදි මෙම ශ්‍රී ලාංකිකයා වසර 10 ක කාලයක් තිස්සේ නයිජීරියාවේ ඉතාලි ඉදිකිරීම් සමාගමක සේවය කරන අයෙක්.

රාජකාරී කටයුත්තක් සඳහා යමින් සිටියදී මොහු පැහැර ගැනීමට ලක්ව ඇති අතර, එම අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂාවට පැමිණි පොලිස් භටයෙකුද එල්ල වූ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ බව මීට පෙර වාර්තා විය. මීට අමතරව මෙම ශ්‍රී ලාංකිකයාගේ රියදුරු ලෙස සේවය කළ බ්‍රිට්‍රස් ඩැඩා නමැති තැනැත්තා ද කප්පම්කරුවන්ගේ ප්‍රහාරයට ලක්ව දැඩි තුවාල සහිතව ඔන්ඩෝ ප්‍රාන්තයේ ඔවෝ ප්‍රදේශයේ මධ්‍යම වෛද්‍ය මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් මේවන විට ක්‍රමයෙන් සුව අතට හැරෙමින් පවතින බව වාර්තා වේ.

තානාපති කාර්යාලයේ නිල තොරතුරු වලට අනුව කප්පම්කරුවන් ශ්‍රී ලාංකිකයාගේ පවුලේ උදවියට දුරකථන ඇමතුමක් ලබාදී විශාල මුදලක් කප්පම් ලෙස ඉල්ලා තිබේ. අදාළ මුදල කොපමණදැයි නිල වශයෙන් ප්‍රසිද්ධියට පත්කර නැති වුවත් ඔහු මුදාහැරීමට නම් එය ගෙවිය යුතුව ඇති බව දැනුම්දී ඇත.

කෙසේ වෙතත්, පැහැර ගැනීමට ලක්වු ශ්‍රී ලාංකිකයා මුදා ගැනීමට නයිජීරියානු රජය සමඟ මේ වනවිට කටයුතු කරමින් සිටින බව විදේශ අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පැවසු බව හිරු නිව්ස් වාර්තා කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>