නයිට් ක්ලබ් යන්න මාලක කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

null

රාත්‍රි සමාජ ශාලාවලට ඇතුල්වීමට අවසර දෙන මෙන් හිටපු ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා කළ ඉල්ලීමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (27) ප්‍රතික්ෂේප කර තිබේ.

බ්‍රිතාන්‍ය ජාතික යුවළකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනගාර ගත කර සිටි මාලක සිල්වා මහතාට ඇප නියම කිරීමේදී කොන්දේසි දෙකක් අධිකරණය විසින් පනවා තිබුණි.

රාත්‍රී සමාජ ශාලා වෙත යාම තනහම් කිරීම සහ මහජනයා ප්‍රසිද්ධියේ ගැවසෙන ස්ථානවල කලහකාරී අයුරින් හැසිරීම තහනම් යන්න එම ඇප කොන්දේසි දෙක වේ.

එම ඇප කොන්දේසි මගින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන හෙයින් ඒවා ඉවත් කරන ලෙස මාලක සිල්වා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීම සැලකිල්ලට ගත් අධිකරණය දෙවන ඇප කොන්දේසිය ඉවත් කළ නමුත් රාත්‍රි සමාජ ශාලාවලට ඇතුල් වීමට අවසර දෙන මෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා පැවසුවේ අදාළ ඇප කොන්දේසිය සැකකරුගේ සහ සමාජයේ ආරක්ෂාව වෙනුවෙන් පනවා ඇති බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>