නයිට් ක්ලබ් හිමිකරු ඝාතනයට සැකපිට 08ක් අල්ලයි

null

අනුරාධපුර සමාජ ශාලාවක හිමිකරු වන වසන්ත සොයිසා නොහොත් කරාටේ වසන්තගේ ඝාතනය කළ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් 08 දෙනෙකු අත්අංගුවට ගත්බව පොලීසිය පවසයි.

යුද හමුදා විශේෂ බළකායෙන් පළා ගිය සෙබළෙකු සහ නිවාඩු නිකේතනයක හිමිකරුවෙකුද මේ අතර වන බවත්, සැකකරුවන් සමඟ යකඩ පොලු එකක් සහ ලී පොලු හතරක් අත්අඩංගුවට ගත් බවත් පොලීසිය සඳහන් කරයි.

ඔවුන් දහයියාගම, පාලාඩිකුලම, පුබුදුපුර යන ප‍්‍රදේශවල පදිංචිකරුවන්. මෙම පිරිස අවුරුදු 20 ත් 30 ත් අතර වයස් කාණ්ඩවල පසුවන බව සඳහන්.

ඝාතනයට පැමිණි සැකකරුවන් මත්පැන් පානය කළ බවට සැක කෙරෙන ස්ථාන කිහිපයක් පිළිබදවද තොරතුරු ලැබී ඇති බව අනුරාධපුර පොලීසියේ ප‍්‍රකාශකයෙක් සදහන් කර තිබේ.

ඝාතනයට යොදාගත් කඩු සොයා ගැනීම සදහා තවදුරටත් පරීක්‍ෂණ කි‍්‍රයාත්මකයි. අධිකරණ නියෝගයක් ලබාගෙන සැකකරුවන් රදවාගෙන ප‍්‍රශ්න කිරීමටයි අනුරාධපුර පොලීසිය සුදානම් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ කණ්ඩායම් දෙකක් මේ වනවිටද විමර්ශන සිදුකරමින් පවති.

මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෙය පෞද්ගලික ආරවුලක් මත සිදුවූ ඝාතනයක් බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>