නයිට් ක්ලබ් හිමිකරු ඝාතනය කළ හැටි සැකකරුවන් කියයි

null

අනුරාධපුර ප්‍රදේශයේ සමාජශාලා හිමිකරුවෙකු වන කරාතේ ශූර වසන්ත සොයිසා ඝාතනය සම්බන්ධයෙන් ඊයේ දිනයේ අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් හය දෙනා අද (28) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ මේ වන විට එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් ගණන 14ක් වන බවයි.

ඒ අතර මෙම ඝාතනය සැලසුම් කළ සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු සිටින බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කරයි.

ත්අඩංගුවට ගත් සැකකරුවන් 14 දෙනාගෙන් කීපදෙනකු පොලිසියට මෙසේ ප්‍රකාශ කර තිබේ…

“හමුදා සේවයෙන් ඉවත්ව සිටින “ලොක්‌කා” එදා රෑ අපිට හොඳටම මත්පැන් බොන්න දුන්නා. ඊට පස්‌සේ ඔහු යකඩ පොලු, ලී පොලු අපට දීලා සොයිසාට පහර දෙන්නැයි කිව්වා. ලොක්‌කා අපට මෙහෙම බොන්න දුන්නේ එයාගේ උපන් දිනය කියලයි. බීලා ඉවර වුණාට පසසේ සොයිසා මහත්මයාට ගහන්න කියලා ඔහු අපට දැනුම් දුන්නා.

ලොක්‌කා සොයිසා මහත්තයා සමඟ කාලයක්‌ තිස්‌සේ අමනාපෙන් හිටිය බව කීවා. ලොක්‌කාගේ කතාව අනුව ඔහු සොයිසා මහත්තයා සමඟ ලොකු වෛරයකින් පසුවන බව දැනගත්තා. ලොක්‌කාව පොලිසියට අල්ලලා දීලත් තියනවාලු. අපි කරපු දේ ගැන අද අපි දුක්‌වෙනවා. මෙම සිද්ධියෙන් පස්‌සේ ලොක්‌කා ප්‍රදේශයෙන් පැනගොස්‌ සිටින බව ආරංචියි.”

මේ අතර මෙම මිනීමැරුම සඳහා සැකකරුවන් 24 දෙනකු සහභාගි වී ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළිවී ඇත. ඝාතනය කරවූ එස්.එෆ් ලොක්කා ඇතුළු අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>