නයිට් ක්ලබ් හිමිකරු ඝාතනයට 20ක් අත්අඩංගුවට

null

අනුරාධපුර – කඩපනහ ප්‍රදේශයේදී කරාතේ වසන්ත ඝාතනය සම්බන්ධයෙන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය සොයමින් සිටි සැකකරුවන් සිව්දෙනෙකු අද (28) පස්වරුවේ අනුරාධපුර පොලීසිය වෙත භාරවී තිබේ.

එසේම තවත් සැකකරුවන් දෙදෙනෙකු අද දිනයේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කර ඇත. මේ අනුව මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින මුළු සැකකරුවන්ගේ සංඛ්‍යාව 20 ක්.

අද (28) රිමාන්ඩ් කළ සෙසු සැකකරුවන් වන්නේ තලාව දුම්රිය හරස් පාර ඞී.එචි.දිනේෂ් මධුසංඛ, අනුරාධපුර දහයියාගම කාර්මික පෙදෙස පදිංචිකරුවන් වන කේ.සුරේස් සදකැලූමි, අශෝක බංඩාර, ඒ.ප‍්‍රසන්න කුමාර, ජී.එචි.චානක සුරංග, සහ කේ.එචි.දේවින්ද කස්තුරිආරචිචි, යන අයවළුන්ය.

රඳවා තබාගෙන ප‍්‍රශ්න කිරීමෙන් අනතුරුව රිමාන්ඩි කළ සැකකරුවන් දෙදෙනා වන්නේ අනුරාධපුර උදය මාවත ලිපිනයේ බී.එමි.චාරුක මධුෂාන් සහ අනුරාධපුර ජයසිරිපුර පාරින්ද මේනක ගුණතිලක යන දෙදෙනා බව අප වාර්තාකරු පවසයි.

ඊයේ (27) රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ අනුරාධපුර, දහයියාගම, කාර්මික පෙදෙස කේ.දිල්රුක් චරිත පෙරේරා, අනුරාධපුර, කුඩාපාලාඩිකුලම, මධුමාල් නිවස, ජේ.එමි.ඞී.මධුසංඛ කරුනාරත්න, අනුරාධපුර, මිහිදුපුර, 2 වන පටුමග, හරස් පාර, අභය මාවත එමි.කුෂාන් චරිත පෙරේරා, අනුරාධපුර පුබුදු මාවත, ටිරෝන් හෝටලය එස්.කේ.ඩබි.චමින්ද පුෂ්ප කුමාර සිල්වා, අනුරාධපුර, වදාකඩ, ශ‍්‍රාවස්තිපුර 5, ඇල එමි.ජී.ගයාන් ලක්මාල් සහ අනුරාධපුර ශ‍්‍රාවස්තිපුර ගල්වඩුවාගම 5, ඇල ආර්.එමි.විරාජ් චතුරංග යන සැකරුවන්ය.

මෙම සැකකරුවන් අතරින් වැඩි දෙනෙකු අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පවතින අපරාධ නඩු කිහිපයක සැකකරුවන් වීම විශේෂත්වයක් වන අතර මෙම සැකකරුවන් අතරින් පාරින්ද මේනක ගුණතිලක සහ චමින්ද පුෂ්ප කුමාර සිල්වා යන සැකරුරුවන් දෙදෙනා හිටපු නාවික හමුදා සෙබළුන් බව පොලිස් විමර්ශනවලදි අනාවරන කර ගෙන තිබේ.

මෙම සංවිධානාත්මක අපරාධයේ ප‍්‍රධාන සැකකරුද සැලසුමිකරුද බවට සැක කෙරෙන යුධ හමුදා විශේෂ බලකායෙන් පැන ගිය සෙබලෙකු ඇතුළු තවත් සැකකරුවන් 7 දෙනෙකුට අධික සංඛ්‍යාවක් අත් අඩංගුවට ගැනිමට ඔවුන් සොයා පොලිස් කණ්ඩායමි කිහිපයක් විමර්ශන අරඹා ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>