නයි නළඟන දරුවා විකුණන්න ගොස් කොටුවේ
නාගයෙකු සමග රාත්රී සමාජ ශාලාවකදී නර්ථනයේ යෙදීමෙන් ජනප්රියත්වයට පත් නයි නළඟන හෙවත් නිරෝෂා විමලරත්න තම මාස 10ක් වයසැති දරුවා විකිණීමට තැත් කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් ප්රශ්න කිරීම්වලදී නිරෝෂා විමලරත්න ප්රකාශ කර ඇත්තේ දරුවා මුදලට විකිණීමට තමන් උත්සහ නොකළ බවත්, දරුවා හදාවඩා ගැනීමට ඥාති කාන්තාවකට භාරදීමට උත්සහ කළ බවත් ය.
දරුවා රැකබලා ගැනීමට අපහසු බැවින් එසේ කිරීමට තීරණය කලේ සැමියා සමඟ කොළඹ රැකියාවකට පැමිණීමේ අරමුණි බවද ඇය සඳහන් කර ඇත. ඒ අනුව කැකිරාව දිසා මහේස්ත්රාත් බුද්ධිනී අබේසිංහ දරුවා තවදුරටත් ඥාති කාන්තාවටම හදාවඩා ගැනීමට බාර කිරීමට නියෝග කර තිබේ.
ඉන් අනතුරුව නිරෝෂා විමලරත්න සහ ඇගේ සැමියා රුවන් ලක්මාල් ඊයේ (06) කැකිරාව දිසා අධිකරණය විසින් රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදාහැර තිබේ.
හිරු නිව්ස් වාර්තා කරන පරිදි මීට මාස කිහිපයකට පෙර ඇය සිය දරුවා ඥාති කාන්තාවකට භාරදී තිබූ අතර පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු පැමිණිල්ලකට අනුව පොලීසිය විසින් මේ පිළිබඳව පරිවාස හා ළමාරක්ෂක අධිකාරියට දැනුම්දී ඇත. ඒ අනුව පරිවාස හා ළමාරක්ෂක අධිකාරිය විසින් ඇයට සහ සැමියාට එරෙහිව නඩු පවරා තිබේ.
27 හැවිරිදි නිරෝෂා මීට වසර දෙකකට පමණ පෙර නාගයෙකු සමග රාත්රී සමාජ ශාලාවකදී නර්තනයේ යෙදෙමින් සිටියදී අත්අඩංගුවට පත්වූ අතර පසුව නයි නළඟන ලෙස ප්රසිද්ධියට පත්විය. ඇය මෙම දරුවා බිහි කර ඇත්තේ 2014 ජූනි මස 5 වැනිදා යි.