නයි සමග සෙල්ලම් දාන තරුණයෙක්

null

විෂ නයි 35ක් සමග විවිධ සෙල්ලම් පෙන්වන පුත්තලමේ පදිංච් මොහු නමින් මොහොමඞ් නසීර් මොහොමඞ් රිජාන් නැමැති අවුරුදු 36ක තිදරු පියෙකි.

විෂ නයි 35ක් සමග විවිධ සෙල්ලම් පෙන්වන ඔහු එහි සමහර සංදර්ශන සඳහා හීලෑ කර ගත් මුගටියෙකුද යොදා ගනියි. වීදුරු හා ටියුබ් ලයිට් කපා කන ඔහු ගිනි සෙල්ලම් වලටද හපන්කම් ඇති පුද්ගලයෙකි.

තම එකම පුතණුවන් වන වයස අවුරුදු 14ක් වන මොහොමඞ් රිජාන් මොහොමඞ් රිෂ්නාස් ද අපේ‍්‍රල් නිවාඩු කාලය නිසා පියා සමග නයි සෙල්ලම් පෙන්විමට රට වටා යයි. මොහොමඞ් නසීර් මහතා පවසන අන්දමට මේ කිසිදු නයෙකුගේ විෂ දත් හෝ ඔවුන් සඳහා කිසිදු මත්වීමේ එන්නතක් පාවිච්චි නොකරන බවත්, එසේ කවුරු හෝ අභියෝග කරන්නෙහි නම් ඒ සඳහා තම නයි ලබාදිය හැකි බවත් ඔහු පවසයි.

ඔහු ලංකාදීප පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් දැක්වූ අදහස් පහතින්…

අපි ටිකක් කථා කරමු ඔබේ පියා ගැන. පියාගේ නම මොකද්ද?
මොහොමඞ් පරීඞ් නසීර්

පියාගේ ගිනස් වාර්තා මොනවාද ?
01. පාපැදියක් පිටුපසට ධාවනය කිරීමේ වාර්තාව.
02. දින තුනක් බොක්සින් බෑග් දෙකකට එක දිගටම අත් දෙකෙන් එක පිට පහරවල් එල්ල කිරීමේ වාර්තාව.
03. නයින් 25ක් සමග දිවා ? දින 8ක් වීදුරු කාමරයක් තුළ සිටීම. (කුසගින්නට පෙති පානය සිදු කර ඇත.*
04. වේගයෙන් පැය 72ක් එක දිගට ඇවිදීම. (දින තුනක්*
05. යාපනයේ සිට හම්බන්තොට දක්වා නොනැවතී පාපැදියක් ධාවනය කිරීම.
06. කොළඹ ගෝල්ෆේස් එකෙහි විදේශික කාන්තාවන් සමග පැය 72ක් එක දිගමට නැටීම (විදේශිකයින්ට පැය 72ක ඇතුළත මාරු විය හැකිය. ඔහුට මාරු විය නොහැකිය.)
07. පැය 72ක් එක දිගටම අත්පොලසන් ගැසීම.
08. තනිවම පැය 137ක් නැටීම දවස් 7ක්.

පියා ඇයි මෙවැනි දේවල් වලට යොමු වුණේ?
එයා මහජන සෞඛ්‍ය පරීක්ෂක කෙනෙක්. මෙයාගේ යාළුවෙක් තමයි ආනන්දන් කියන කෙනා. එයත් මෙවැනි ගිනස් වාර්තා තියන්න උත්සාහ කරපු කෙනෙක්. දවසක් මෙයා යාපනයේ සිට ඉන්දියාවට පීනා ගිනස් වාර්තාවක් තැබීමට උත්සාහ කළා. නමුත් එයාට එම වාර්තාව තියන්න බැරිවුණා. අවසානයේ මියගියා. සෑහෙන දුරක් පීනා ගෙන ගිහින් තමයි මැරුණේ. මෙයාගේ යාළුවෙක් තමයි තාත්තා. ඊට පස්සේ තාත්තා කවුරුත් නොකරන දේවල් කරන්න උත්සාහ කළා. ඒ ගිනස් වාර්තා තියන අදහසින්.

ඔබගේ පියා මෙවැනි කටයුතු කරන්න පටන් ගත්තේ කොයි කාලේද?
1983 සිට.

පියා මේවා කරනවාට පවුලේ අනික් අය කැමති වුණාද?
කොහොමත් මේ වාගේ දේවල් කරනවාට කවුරුත් කැමැති නැහැනේ. ඒ නිසා පියාටත් අම්මාගෙන් වාගේම එයාගේ අම්මලා තාත්තලාගෙත් විරෝධය තිබුණා.

ඇයි මේ තරම් විරෝධයක් තියෙද්දි මෙවැනි දේවල් වලට පියා යොමු වුණේ ?
ඒක තාත්තාගේ කැමැත්ත. පියා දවසක් කිව්වා මතකයි මේ වාගේ දේවල් කවුරුත් කරන්න පෙළඹෙන්නේ නැති නිසා එයාට කරන්න හිතුණා කියලා.

පියා නයි අල්ලාගෙන ඒ සතුන් සමග සෙල්ලම් ඉදිරිපත් කරන්න යොමු වුණේ ඇයි?
තාත්තා මහජන සෞඛ්‍ය පරීක්ෂකයෙකු ලෙස වැඩ කළ නිසා එයා ඒ දවස් වල දැකලා තියනවා කුකුල් ගොවිපළවල් වලට එන නයි. ඊට පස්සේ තමයි එයා මේ සත්තු අල්ලලා මොනවා හරි දෙයක් කරන්න ඕනෑ කියලා හිතලා තියෙන්නේ.

එතකොට පියාගේ අඩි පාරේ යන පුතණුවන් වන ඔබත් මේ සතුන් සමග සෙල්ලම් කරන්නේ විෂ දත් ගලවලාද ?
අපොයි නැහැ. උන්ගේ විෂ ඒ විදිහටම තියෙද්දි අපි උන් එක්ක සෙල්ලම් කරනවා. ඒක තමයි අපේ තියන විශේෂත්වය. දළ ගලවලා විෂ අයින් කරලා ඕනෑම සෙල්ලමක් දාන්න පුළුවන් වුණත් මේ කිසිම නයෙක් එහෙම කරලා නැහැ.

මොහොමඞ් නසීර් විසින් පියා පිළිබඳ මතකය එසේ අවදි කළ අතර ඔහු එක් අවස්ථාවකදි මඳක් නිහඬ වී යමක් ප‍්‍රකාශ කරන්නට විය. ඒ සිද්ධිය වන්නේ තම සොයුරාගේ මරණයයි. ඔහු මියගොස් ඇත්තේ නයෙකු දෂ්ඨ කිරීමෙන් පසුව වන අතර ඔහුව බේරා ගැනීමට නොහැකි වි ඇත්තේ සර්පයෙකු දෂ්ඨ කිරීමට නුසුදුසු වේලාවක මෙම දෂ්ඨ කිරීම සිදුකර තිබීම නිසාවෙනි. මෙසේ දිවි අහිමි වන විට සොහොයුරාට වයස අවුරුදු 32කි. ඔහු මොහොමඞ් නසීර් මොහොමඞ් පර්සාන්ය. ඔහුද මෙම ක‍්‍රීඩා කටයුතුවල දක්ෂ පුද්ගලයෙකි. මොහොමඞ් පර්සාන් මිය යන විට ඔහුට නයි 44ක් සිට ඇත. ඔහුගේ වියෝවෙන් ඒ පිළිබඳ කල්පනාවෙන් හා දුකෙන් පසු වු පියා මිය ගොස් ඇත. පියා මිය යන විට ඔහුගේ වයස අවුරුදු 56 කි.

ඔබගේ පියාත් අකාලයේ මියගියා. සොහොයුරාත් මියගියා. මෙවැනි තත්ත්වයක් තිබියදීත් ඔබත් මෙ බිහිසුණු කටයුතු වල නිරත වන්නේ ඇයි ? මේක ඔබේ වෘත්තියද?
‘‘බය නැතිව ඉන්න ඕනෑ’’ ඒකයි මහත්තයෝ එකම පිළිතුර. මම මේක කරන්නේ වෘත්තියක් වශයෙන් නෙවෙයි. මම වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක්. රෙදි වෙළෙන්දෙක්. මම ඉන්දියාවට ගිහින් රෙදි ගෙනල්ලා ලංකාවේ වෙළඳාම් කරලා අදායම් සොයා ගන්නවා. මම මේ වෘත්තිය කරන්නේ ජනතාව සතුටු කරන්න.

මේ වාගේ දේවල් කවුරුත් කරන්නේ නැහැනේ. ඊටත් සල්ලි හොයන අදහසින් නෙවෙයි. මේ හොයන සල්ලි වලින් කොටසක් අනාථ කඳවුරුවලටත් දුප්පත් අසරණ අයටත් දෙනවා. පසුගිය දවසක කූරුණෑගල, පිදුරුවැල්ල පන්සලේ මේ වාගේ ෂෝ එකක් කරලා ලක්ෂ දෙකක මුදලක් අපි පන්සලට දුන්නා. මේ ෂෝ එක කරන්න කලිනුත් අපි ප‍්‍රදේශයේ දුප්පත් ළමුන් තුන්දෙනෙක් තෝරාගෙන එයාලට අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගයක් කරනවා. මේ විදිහට තමයි අපේ රස්සාව කරගෙන යන්නේ. ඒක අපි සෑම තැනම ෂෝ එකක් කරන්න කලින් කරන දෙයක්.

ඔබ නයි 35ක් එක්ක විතරයිද මෙවැනි සෙල්ලම් ඉදිරිපත් කරන්නේ?
අපොයි නැහැ. නයි ගොඩාක් ඉන්නවා නම් කැමැතියි. අදත් අපි නයෙක් ඇල්ලූවා. දැන් අපිට 36 ක් ඉන්නවා. ඒ විදිහට යන එන තැන් වලින් නයි අල්ලා ගැනීම සිදු කරනවා.

ඔබ මේ සර්පයන් සමග කරන සෙල්ලම් වලට අමතරව කරන වෙනත් ඉදිරිපත් කිරීම් හෙම තියනවාද?
ඔව්, මම ටියුබ් ලයිට් 6ක් පමණ සපා කෑම සිදු කරනවා. ඊට අමතරව ගිනි සෙල්ලම් රාශියක් ඉදිරිපත් කරන අතර මැජික් සංදර්ශන පැවැත්වීම සිදු කරනවා. මේ සංදර්ශනයේදී අපි ගීත කිහිපයක් සඳහා නර්ථන අංග කිහිපයකුත් පේ‍්‍රක්ෂකයන්ට ඉදිරිපත් කරනවා. සමහර ඒවා සඳහා නයින් කිහිප දෙනෙකුත් උපයෝගි කර ගැනීම සිදුකරයි.

සටහන සහ ඡායාරූප – මාවනැල්ල හෙම්මාතගම සමන් විජය බංඩාර

null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>