නවක වදයෙන් ජපුර සරසවියේ ගැටුමක්

null

ශී‍්‍ර ජයවර්ධනපුර සරසවියේ සිසුන් දෙපිරිසක් අතර ඊයේ (05) පස්වරුවේ ඇතිවූ ගැටුමකින් ශිෂ්‍යයන් 16 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඔවුන් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප‍්‍රකාශ කළේ ඔවුන්ගෙන් දෙදෙනෙකු තවමත් නේවාසිකව ප‍්‍රතිකාර ලබන බවයි.

නවක වදය සිද්ධියක් මුල්කර ගනිමින් මෙම ගැටුම හටගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ශිෂ්‍යයන් දෙදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙන අතර තවත් සිසුන් කිහිප දෙනෙකු හදුනාගෙන ඇති බව අජිත් රෝහණ මහතා පවසයි.

අත්අඩංගුවට ගත් සිසුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>