15 Feb 2015
නවසීලන්ත ශ්‍රී ලංකා තරඟයේදී කෝටිපතියෙක්වූ නරඹන්නා
2015 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ආරම්භ කරමින් ඊයේ පැවති නවසීලන්ත ශ්‍රී ලංකා තරඟයේදී නරඹන්නට පැමිණි පුද්ගලයෙකු කෝටිපතියෙක්වූ පුවතක් වාර්තා විය.
තරඟ සංවිධායකයින් විසින් මෙම සුවිශේෂී අවස්ථාව ලබාදී තිබෙන්නේ තැඹිලි පැහැති විශේෂ ටී ෂර්ට් වලින් සැරසී සිටින ප්‍රේක්ෂකයින්ටයි. එහි “catch a million” ලෙස සටහන් වී තිබේ.
ඒ අනුව ඔවුන් පන්දුවට පහරදෙන ක්‍රීඩකයෙකු එල්ල කරන 6 පහරක් උඩ පන්දුවක් ලෙස රැකගතහොත් මෙලෙස ත්‍යාග මුදලක් ලබාදීමට කටයුතු කර තිබේ.
ඊයේ පැවති නවසීලන්ත ශ්‍රී ලංකා තරඟයේදී එම වාසනාව උදාවුයේ සන්ජෙයි ගාන්දා නම් නරඹන්නාටයි. නවසීලන්තයේ කේන් විලියම්සන් විසින් නුවන් කුලසේකරගේ පන්දුවට 6 පහරක් එල්ල කල අතර එය අහඹු ලෙස රැක ගැනීමට සන්ජෙයි සමත්වීමෙන් ඔහු මෙලෙස කෝටිපතියෙක් ඔබට පත්විය.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්.