31 Jan 2015
නව අගවිනිසුරු දිවුරුම් දෙයි
ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු කේ. ශ්‍රී පවන් මහතා ඊයේ (30) නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දී තිබේ.
ශිරාණී බණ්ඩාරනායක මහත්මිය නැවත අගවිනිසුරු ධූරයට පත් කලත් ඇය එම ධූරයෙන් විශ්‍රාම ගැනීම හේතුවෙන් ජනාධිපතිවරයා විසින් කේ. ශ්‍රී පවන් මහතා නව අගවිනිසුරු ලෙස පත්කර තිබේ.
1952 පෙබරවාරි 29 වැනි දා උපන් ශ්රීපවන් මහතා යාපනය හින්දු විද්‍යාලයයේ ආදි ශිෂ්‍යයෙකි.
පසුගිය ජනවාරි නව වැනි දා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිවුරුම් දුන්නේ ද ශ්රීපවන් විනිසුරු ඉදිරියේය.