29 Jan 2015
නව අගවිනිසුරු ලෙස කේ. ශ්‍රී පවන් පත්කෙරේ
ශ්‍රේෂ්ඨාධිකරණයේ නව අගවිනිසුරු වශයෙන් කේ. ශ්‍රී පවන් මහතා පත්කිරීමට තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ඊයේ (28) දිනයේ නැවතත් ශිරාණ් බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරුධුරයට පත්වුවත් ඇය අද එම ධුරයෙන් විශ්‍රාම ගන්නා ලදී.
මේ හේතුවෙන් නව අගවිනිසුරු ලෙස කේ. ශ්‍රී පවන් මහතා පත්කර තිබේ. දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරු වන්නේ කේ. ශ්‍රී පවන් මහතායි.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපතිධුරයේ දිවුරුම් දුන්නේද කේ. ශ්‍රී පවන් මහතා ඉදිරියේය.