10 Jan 2015
නව ආරක්ෂක ලේකම් සහ ජනාධිපති ලේකම් පත්වේ
ආරක්ෂක අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස රාජ්‍ය පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන බී.එම්.යු.ඞී. බස්නායක මහතා පත්කර තිබේ.
ඒ මහතා මිට පෙර පරිසර හා පුනර්ජනනීය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසද කටයුතු කර ඇත.
මහින්ද රාජපක්ෂ මහතා ජනපතිව සිටියදී ආරක්ෂක ලේකම් ලෙස පත් කර තිබුණේ ඒ මහතාගේ සොහොයුරෙකු වන ගෝඨාභය රාජපක්ෂ මහතාය.
මේ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජනාධිපති ලේකම් තනතුර සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වූ පී.බී අබේකෝන් මහතා පත්කර තිබේ.
පී.බී අබේකෝන් මහතා ජ්‍යෙෂ්ඨ පරිපාලන සේවා නිලධාරියෙක් වන අතර ඒ මහතා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයා වශයෙන් සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් වශයෙන් මීට පෙර කටයුතු කර ඇති බව සඳහන්ය.