නව ඇමතිවරු දිවුරුම්දීම කල් යයි

null

එක්සත් ජාතික පක්‍ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව පිහිටුවනු ලබන ජාතික ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ලබන 27 සහ 28 යන දෙදින සිදුකිරීමට නියමිතයි.

අමාත්‍ය මණ්ඩලයේ පිරිසක් 27 වැනි බ‍්‍රහස්පතින්දා දිවුරුම් දී, තවත් පිරිසක් 28 වන සිකුරාදා දිවුරුම් දෙනු ඇති බව නෙත් නිව්ස් වාර්තා කරයි.

ජාතික ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයේ විෂය පථයන් වෙන් කිරීම සම්බන්ධයෙන් වන කටයුතු සිදුකෙරෙන්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යන මහත්ම මහත්මීන්ගේ ප‍්‍රධානත්වයෙන්.

අමාත්‍ය මණ්ඩලය අද (25) පෙරවරුවේ දිවුරුම් දීමට මීට පෙර සැලසුම් කර තිබුණ අතර විෂය පථයන් වෙන් කිරිම සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කළ යුතු බැවින් දිවුරුම් දීමේ කටයුතු 27 වැනිදා දක්වා කල්දමා තිබේ.

මේ අතර නව රජයේ අමාත්‍ය මණ්ලයේ තුන්දෙනෙකු ඊයේ දිවුරුම් දී තිබේ. මංගල සමරවීර දිවුරුම් දුන්නේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසත්, විජේදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යවරයා ලෙසත්, ඞී. එම්. ස්වාමිනාදන් නැවත පදිංචි කිරීමේ සහ ප‍්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙසත් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>