07 Sep 2014
නව ජගත් මානව හිමිකම් කොමසාරිස් ශ්‍රී ලංකාවේ සහය ඉල්ලයි
ජගත් මානව හිමිකම් මණ්ඩලයේ 27 වන සැසිවාරය හෙට ජිනීවා නුවරදී පැවැත්වීමට නියමිතය. නව මානව හිමිකම් කොමසාරිස් සෙයිඞ් රාඞ් අල් හුසේන් ජිනීවා සැසිවාරය ආරම්භ කරමින් හෙට සිදුකරන ප්‍රකාශයේ පිටපතක් මාධ්‍ය වෙත දැන් නිකුත් වී තිබෙ.
එහිදී සෙයිඞ් අල් හුසේන් ජගත් මානව හිමිකම් කොමිසමේ ශ්‍රී ලංකාව පිළිබඳ පරීක්ෂණය ඉහළ වැදගත්කමකින් යුක්ත බව මෙන්ම ශ්‍රී ලංකාවේ යුක්තිය සහ සංහිඳියාව උදෙසා එම ක්‍රියාවලියට සහය දක්වන ලෙස ලක් රජයෙන් ඉල්ලා සිටීමට නියමිත බව වාර්තා වේ.