නව ජනපති මෛත්‍රී – මැකෝ නිල වශයෙන් නිවේදනය කරයි

null

2015 වසරේ පැවැති ජනපතිවරණයේ ප්‍රකාශිත ඡන්ද වලින් 51.28%ක් එනම් ඡන්ද 6,217,162ක් ලබාගත් මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවේ නව ජනපති ලෙස තේරී පත්වූ බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා නිල වශයෙන් නිවේදනය කළේය.

ඒ ජනපතිවරණ ප්‍රතිඵල විකාශයෙන් අනතුරුව රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින්.

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනතාවට දුන් පොරොන්දු නොපිරිහෙලා ඉටුකරනු ඇතැයි තමා අපේක්ෂා කරන බවද මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

එම මාධ්‍ය හමුවට මෛත්‍රිපාල සිරිසේන මහතා, රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු කිහිපදෙනෙකු සහභාගී වී සිටියේය.

එහිදී අදහස් දැක්වූ මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කලේ තමන්ට ඡන්දය ප්‍රකාශ කල නොකළ රටේ සියළුව ජනතාවට සිතුතිය පුද කරන බවත්, ප්‍රචණ්ඩ ක්‍රියා වල නොයෙලි සාමකාමිව ජය පරාජය භාර ගැනීමට කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලන බවත්ය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>