නව ජනපති සහ අගමැති දිව්රුම් දුන් වගයි

null

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 6 වන විධායක ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා අද සවස 6.21 යෙදුනු සුභ මොහොතින් දිවුරුම් දෙන ලදී.

ඒ කොළඹ නිදහස් චතුරස‍්‍රයේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ශ‍්‍රීපවන් ඉදිරියේ දියි.

ජනාධිපතිවරයා ලෙස මෛත‍්‍රීපාල සිරිසේන දිවුරුම් දීමෙන් අනතුරුව නව ජනාධිපතිවරයා ඉදිරියේ අග‍්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික‍්‍රමසිංහ දිවුරුම් දෙනු ලැබුවේය.

එම අවස්ථාව අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර සිටියේ රටේ ආදරණීය ජනතාවගේ වගකීම තමන්ට බාර දී ඇති බවත්, එය ඉතාමත් විශිෂ්ට ලෙස ඉටුකරන බවත්ය.

එමෙන්ම පොරොන්දු වූ පරිදි දින 100 වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන බවද වැඩි දුරටත් සඳහන් කළේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>