නව පක්‍ෂයක් පිහිටුවීම ගැන මහින්ද අදහස් දක්වයි

null

නව දේශපාලන පක්‍ෂයක් පිහිටුවීම සම්බන්ධයෙන් පැතිර යන ආරංචි පිළිබඳව හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

ඒ මාතර දිස්ත්‍රික්කයේ උෟරුබොක්ක හොරගස්මණ්ඩිය එක්සත් ජනතා නිදහස් සන්ධාන කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඔහු එහිදී මෙසේ සඳහන් කර තිබේ…

“නව දේශපාලන පක්‍ෂයක් ගැන මම දන්නේ නැහැ. ඔය පත්තර විකුණගන්න මොනවා හරි ලියනවා. මේ යන වාතාවාරණය හැටියට අපිට කියන්න බැහැ පක්‍ෂ බිහි නොවී තිබෙයි කියලා.පක්‍ෂවලින් එළෙව්වොත් ඒ මිනිසුන්ට යන්න තැනක් තියෙන්න ඕන. එතකොට පක්‍ෂ හදනවා එතකොට නව පක්‍ෂ ඇති වෙන්න පුළුවන්.

ආණ්ඩුව ගෙනියනවා දෙගොල්ලොම හවුලේ. ඒ ආණ්ඩුවට හරිමඟ පෙන්වන්න නම් ශක්තිමත් විපක්‍ෂයක් තිබිය යුතුයි. ශක්තිමත් විපක්‍ෂයක් නැතිව රජයක් ගෙනියනවා නම් ඒ රජය අයාලේ යනවා. ඒක තමයි මේ අයවැයෙන්ම පෙනුණේ. එම නිසා ශක්තිමත් විපක්‍ෂයක් හැදීමේ වගකීමක් හැමෝටම තියෙනවා. ආණ්ඩුවට කවුරු ඉදිරියේදී එකතු වෙයිද කියල මම දන්නෙ නෑ.”

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>