12 Mar 2015
නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර
නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට පත්කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
හිරු නිව්ස් වාර්තා කරන පරිදි දීර්ඝ කාලයක් පුරා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස මාධ්‍ය සමග ඉතා සුහදව කටයුතු කර හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කොළඹ උතුර කොට්ඨාශයට අනුයුක්ත කර ඇත.
ඒ, පොලිස්පතිවරයාගේ නිර්දේශය මතයි.
දැනට විදෙස්ගතව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා දිවයිනට පැමිණීමෙන් පසු නව තනතුරේ වැඩ භාරගැනීමට නියමිතයි.