22 Nov 2014
නව මහලේකම් අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම්වරයා ලෙස අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා පත් කර තිබේ.
මිට පෙර එම ධුරය දැරූ මෛත්‍රිපාල සිරිසේන මහතා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉරිපත්විම හේතුවෙන් ඔහු දැරූ එම තනතුරෙන් සහ පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පියවර ගත්තේය.
ඒ අනුව ඊයේ රාත්‍රියේ රැස්වූ එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ විධායක සභාව නව මහලේකම්වරයා ලෙස අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා පත් කිරීම සඳහා අනුමැතිය ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් විජයානන්ද හේරත් මහතා හිරු නිව්ස් වෙත පවසා තිබේ.