නව මැතිවරණ ක්‍රමයෙන් දූෂිතයින් එළවන්න

null

මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීමේ දී වැඩි වැදගත්කමක් ලබාදිය යුත්තේ දූෂිත පුද්ගලයින් බලයට පැමිණිම වැලැක්වීමට බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඊයේ (23) කැකිරාවේ පැවති ජනහමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

දූෂිතයින් ,මුදල් බලය යහමින් ඇති පිරිස් ජනතාව රවටන මැතිවරණය ක්‍රමයට නැවතීමේ තිත තැබීමට ජනතාවට අවශ්‍ය බවත්, එකී සංශෝධනයේ නම 20 ද 21ද 35 ද යන්න එතරම් වැදගත් නොවන බවත් ඔහු පවසයි.

එමෙන්ම විසිවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළහොත් ඉන් සුළු පක්ෂ නියෝජනය කරන ජනතාවට අසාධාරණයක් සිදුවන බව ද හෙතෙම පෙන්වාදෙයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>