නව යුද හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා

null

ශ්‍රී ලංකා යුද හමුදාවේ 21 වැනි හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා පත්කර තිබෙන බව දෙරණ නිව්ස් වාර්තා කරයි. ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසිනි.

ඒ අනූව නව යුද හමුදාපතිවරයා ලබන 22 වැනිදා සිය තනතුරේ රාජකාරී බාර ගැනීමට නියමිතය.

වත්මන් යුද හමුදා‍පතිවරයා වන ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා ලබන 21 වැනිදාට සිය තනතුරින් විශ්‍රාම ගැනීමට නියමිතව තිබේ.

නව යුද හමුදා‍පතිවරයා ලෙස මේජර් ජනරාල් ජගත් රඹුක්පොත මහතා පත් කල බවට මිට පෙර වාර්තා පළවුවත් ආරක්ෂක අංශ එම පුවත ප්‍රතික්ෂේප කර තිබුණි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>