නව වසර උදාවත්ම ඩුබායි ගිනි ගනියි
ලොව උසම ගොඩනැගිල්ල වන ඩුබායිහි Burj Khalifa ගොඩනැගිල්ල අසළ මහා පරිමාණ මහල් 63ක සුපිරි හෝටලයක ගින්නක් හටගෙන තිබේ.
ගින්න හට ගැනුනේ ඩුබායි හි නව වසරේ සැමරුම් ආරම්භ වීමට ආසන්නයේ තිබියදීයි.
ගින්න හටගෙන ඇත්තේ හෝටලයේ විසිවැනි මහලේ වන අතර ගින්න අඩි 300ක් උසට පැතිර ගොස් ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.
ගින්න ක්ෂණිකව මැඩ පැවැත්වීමට බලධාරීන් කටයුතු කර ඇති වුවද, සිද්ධියෙන් 16 දෙනෙකු පමණ සුළු තුවාල ලබා ඇති බව බී.බී.සී පුවත් සේවය උපුටා දක්වයි.
ඩුබායි රජය නිල වශයෙන් සඳහන් කර ඇත්තේ 14 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බව හා එක් අයෙකුට හදිසි තත්ත්වය හේතුවෙන් හෘදයාබාදයක් හටගෙන ඇති බවයි.
පැරණි වසරක නිමාව හා නව වසරක උදාව සැමරීම සඳහා දහස් ගණනින් මෙම හෝටලය වෙන්කරගෙන සිටි බව හා පොප් ගායිකා අනිතා විලියම්ස් ගින්න ආරම්භ වන අවස්ථාවේ එහි ගීත ගායනා කරමින් සිටි බවද වාර්තාවෙයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර ගින්න හට ගැනුනේ කෙසේ දැයි සොයා මේ වන විට විශේෂ පරීක්ෂණයක් කි‍්‍රයාත්මකයි.