නව හැවිරිදි දරුවෙක් ගෙළ වැළලාගෙන මරුට

null

හොරණ – අඟුරුවාතොට ප්‍රදේශයේදී ගෙළ වැළලාගෙන සියදිවි හානි කර ගත් බවට සැකකෙරෙන වයස අවුරුදු 9ක පිරිමි ළමයෙකුගේ මළ සිරුරක් හමුවී තිබේ.

අද (11) පෙරවරු 7.30 ට පමණ නිවස පිටුපස පිහිටි කජු ගසේ එල්ලෙමින් තිබූ දරුවාගේ මළ සිරුර හමුවී ඇති බව පොලිසිය සඳහන් කරයි.

මෙලෙස අබිරහස් ලෙස ගසක එල්ලී මියගොස් සිටි දරුවා රෙදි පටියකින් ගසේ එල්ලී මියගොස් සිටි ආකාරය නිවැසියන් දැක ඇත්තේ අද උදෑසන යි.

දරුවා දිවි නසාගත්තේ ද නැතහොත් ඝාතනය කර ගසෙහි එල්ලා තැබුවාදැයි සොයා මේ වන විට පුළුල් පරීක්ෂණයක් කි‍්‍රයාත්මකයි. මීට පෙර වයස අවුරුදු 13 ක ඔහුගේ සොහොයුරිය මෙම ගසේම එල්ලී දිවි හානි කරගෙන තිබූ බවද පැවසේ.

ළමයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා පානදුර රෝහලට ඇතුළත් කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>