08 Nov 2015
නාන තටාකයට වැටී කුඩා දරුවෙකු මරුට
පිළියන්දල – දම්පේ පාර – සුවාරපොල ප්‍රදේශයේ නිවසක කුඩා පිරිමි දරුවෙකු එම නිවසේ පිහිටි නාන තටාකයට වැටී දියේ ගිලී මිය ගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 5 යි මාස 8 ක් වන දරුවෙකු වන අතර, මෘත දේහය මේ වනවිට කළුබෝවිල රෝහලේ තැන්පත් කර තිබේ.
මරණ පරීක්ෂණය අද සිදු කෙරෙන අතර, පිළියන්දල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.