නාමල්ගේ ආරක්ෂකයෙක් ගිනි අවියක් රැගෙන මෛත්රී අසලට ඇවිත්
පසුගිය සතිඅන්තයේ හම්බන්තොට අඟුණකොලපැලැස්සේ පැවති ශ්රීලනිප දිස්ත්රික් නියෝජිත සමුළුවකට ජනපති පැමිණි අවස්ථාවේදී ඒ අසලට සැක කටයුතු පුද්ගලයෙක් ගිනි අවියක් සහිතව පැමිණ සිටියදී අත්අඩංගුවට පත්විය.
ඒ ගැන රහස් පොලිසිය මේ වනවිට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර ඔහු නාමල් රාජපක්ෂ මන්ත්රීගේ ආරක්ෂකයකු වන හමුදා කෝප්රල්වරයකු බව වාර්තා වේ.
ජනාධිපති ආරක්ෂක අංශය ඔහුව පරික්ෂ කර නොමැති අතර පොලිස් විශේෂ කාර්ය බලකායට අදාල පුද්ගලයා පිලිබඳ සැක සිති පරික්ෂා කිරීමේදී ගිනි අවිය සොයාගෙන තිබේ. එවිට ඔහු පවසා ඇත්තේ තමා නාමල් රාජපක්ෂගේ පුද්ගලික ආරක්ෂකයෙකු බවයි.
ජනාධිපතිවරයා සහභාගී වන ඕනෑම උත්සව අවස්ථාවකදී ආරක්ෂාව සම්බන්ධයෙන් පූර්ණ පාලනය ජනපති ආරක්ෂක අංශය භාරගන්නා අතර වෙනත් ආරක්ෂක අංශ හෝ පොලිසියට ගිනි අවි රැගෙන ඇවිත් වෙනත් අය ආරක්ෂා කිරීමට අවසරයක් නැති බව පැවසේ.
නාමල් රාජපක්ෂ මන්ත්රීවරයාගේ ආරක්ෂකයින් මේ කාරණාව වසර ගණනාවක සිට අනුගමනය කර තිඛෙන නිසා හොඳින් දන්නා බවද පැවසේ. ජනාධිපතිවරයෙක් උත්සවයකට පැමිණෙද්දී ඊට පෙර දින කිහිපයක සිටම ආරක්ෂක තත්ත්ව වාර්තාවක් සකස් කර අදාළ දැනුවත් කිරීම්ද සියලූ අංශ වෙත ලබාදෙන බව පැවසේ.
එමෙන්ම ජනපති යම් උත්සවයකට සහභාගීවන අවස්ථාවේ අගමැති ආරක්ෂක අංශය හා ඇමැති ආරක්ෂක අංශයද ඉවත්වී ඒ රාජකාරිය ජනාධිපති ආරක්ෂක අංශයට පවරන බව ආරංචි මාර්ග කියයි.
එසේ තිබියදීත් මෛත්රිපාල සිරිසේන ජනපතිගේ රැස්වීමේදී මෙලෙස බරපතල ආරක්ෂක බිඳ වැටීම හේතුවෙන් රහස් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ලංකාදීප පුවත් වාර්තා කරයි.