නාමල් උයනේ හිමිනමට වෙඩි තැබීමට තැත්කළ පොලිස් නිලධාරියෙක් කොටු
ජාතික නාමල් උයනේ භාරකාර, වනවාසී රාහුල හිමියන්ට වෙඩි තැබීමට උත්සහ කළ පොලිස් නිලධාරියෙකු ගල්කිරියාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නාමල්උයනේ ආරක්ෂක රාජකාරි සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියෙක්.
ඊයේ (17) රාත්රී 7.00 ට පමණ ටී 56 වර්ගයේ ස්වයංක්රීය ගිනි අවියකින් කොස්තාපල්වරයා උන්වහන්සේට වෙඩීමට උත්සහ කළ බව වාර්තා වුණි. අදාළ සිද්ධිය පිළිබඳව අදහස් දක්වමින් වනවාසි රාහුල හිමියන් පවසා ඇත්තේ අදාළ පොලිස් නිලධාරියා සවස 6ට සේවයට වාර්තා කළ යුතුව පැවතියද ඔහු සේවයට වාර්තා කර ඇත්තේ සවස 6.45ට බවයි.
ඒ සම්බන්ධයෙන් තමන් විසින් කොස්තාපල්වරයා දැනුවත් කළ අතර ඉන් කෝපයට පත්වු කොස්තාපල්වරයා තමන්ට සිය රාජකාරි ගිනිඅවියෙන් වෙඩි තැබීමට උත්සහ කළ බව රාහුල හිමියන් පවසා තිබේ.
කෙසේවෙතත් පොලිස් නිලධාරියා එල්ල කළ වෙඩි ප්රහාරයෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නැහැ. සිද්ධිය වන අවස්ථාවේ අදාළ පොලිස් නිලධාරියා බීමත්ව සිටි බවද වාර්තා වේ.
අත්අඩංගුවට ගැනුණු අදාළ පොලිස් නිලධාරියා අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ, කැකිරාව වැඩබලන මහේස්ත්රාත්වරයා ලබාදුන් නියෝගයකට අනුවයි.
pics – අද දෙරණ