නාමල් හිතාගෙන හිටියේ නායකයා වෙන්න

null

නාමල් රාජපක්ෂ මහතා අධෝමුඛයයි මුඛයයි අතර අඟලක් විතර පරතරය ඇති කතා පවසන්නේ තාත්තා ජනපති කාලයේ ඔහු මන්ත්‍රීවරයෙකු වූ නිසා යැයි මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පැවැති ශ්‍රීලනිප මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසය. එහිදී මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය වුයේ පක්ෂය රැක ගැනීමට සිටියේ මන්ත්‍රීවරුන් 96 දෙනෙකු බවත්, ඉතිරි අය අනිත් පැත්තට පැන්න බවටත්, නාමල් රාජපක්ෂ මහතා විසින් පුවත්පතකට කර ඇතැයි කියන ප්‍රකාශයක් ගැන ශ්‍රීලනිපයේ මතය කුමක්ද යන්නයි.

නාමල් රාජපක්ෂ මහතා සිතා සිටියේ තාත්තා තවත් අවුරුදු 15ක් බලයේ සිටියා නම් රටේ නායකයා වීමට බවද එසේ වුවත් ශ්‍රීලනිපයේ මතය එය නොවන බවද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

2004දී කථානායකවරයෙකුවත් පත්කර ගැනීමට නොහැකි ආණ්ඩුවක් අපට තිබූ බවත්, එවකට මහින්ද රාජපක්ෂ මහතා යූඑන්පිය සමග ඩීල් එකක් දමා මන්ත්‍රීවරුන් 13 දෙනෙකු ගත් බවත් හෙතෙම සඳහන් කළේය.

එසේම ‍මහින්ද රාජපක්ෂ මහතා කොටින් එක්ක ඩීල් එකක් දැමුවා යැයි සමහරු කියන බවත්, මේ නිසා උතුරේ ඡන්ද දැමීම වැළකුණ බවත්, ඒ කෙසේ වෙතත් එම ඩීල් එකෙන් ප්‍රභාකරන් පරාජය වූ නිසා එය හොඳ ඩීල් එකක් වු බවද, හෙතෙම පෙන්වාදුන්නේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>