නාය යෑම් අවදානම් ස්ථාන වලින් ඉවත් වන්න

null

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ති‍්‍රක්ක 11 කට නාය යාම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. එම අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව මාතලේ, මහනුවර, බදුල්ල, නුවරඑලිය, රත්නපුර, හම්බන්තොට, කෑගල්ල, කුරුණෑගල, කළුතර, ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්කවලට එම අනතුරු ඇඟවීම් සිදුකර තිබේ.

ජලාශ ආශ‍්‍රිත පහත් බිම්වල සිටින ජනතාවට අවධානයෙන් පසුවන ලෙසට දැනුම් දුන් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල් කුමාර මහතාද සඳහන් කරයි.

බදුල්ල දිස්ත‍්‍රික්කයේ ස්ථාන කිහිපයකින් වාර්තා වූ නාය යාම්වලින් මේ වන විට පුද්ගලයින් දස දෙනෙකු මිය ගොස් ඇති බව පොලීසිය ප‍්‍රකාශ කරයි. මේ දක්වා සිදුව ඇති වැසි ආපදාවලින් පීඩාවට පත්ව ඇති පවුල් සංඛ්‍යාව දෙලක්ෂ පනස් අටදහසකට අධිකයි. නව ලක්ෂයකට අධික පුද්ගලයින් පිරිසක් පීඩාවට පත්ව සිටින බව නෙත් නිව්ස් වාර්තා කරයි.

මේ අතර පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>