නාරාහේන්පිටින් මතුවූ ගුවන් යානයේ සුලමුල හෙළිවෙයි
නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ගබඩාවක් තුළ තිබී හමුවූ අබලන් වූ ගුවන්යානය තමාට අයත් එකක් බව ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ චන්ද්‍රම්රත්නම් මහතා පවසා තිබෙන බව දෙරණ නිව්ස් වාර්තා කරයි.
තවත් අයෙකු හා එක්ව තමන් විසින් පවත්වාගෙන යන ගුවන්යානා ධාවන පුහුණු පාසලක ප්‍රදර්ශනය සඳහා මෙම ගුවන්යානය සකස් කර තිබූ බව හෙතෙම සඳහන් කළේය.
ලංකාදීප පුවත් වාර්තා කරන පිරිදි ශ්‍රී ලංකාවේදී සාදන ලද එම යානය දෙවරක් පමණ පියාසර කර තමා ළඟ තිබූ බවත්, හිටපු ජනපතිගේ පුත් යෝෂිත රාජපක්ෂ තමාගෙන් එය ඉල්ලා ගත් බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ.
පොලිස් 119 මධ්‍යස්ථානයට ලද තොරතුරකට අනුව නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ගබඩාවක් තුළ තිබී හමුවූ මෙම සැහැල්ලු ගුවන් යානය දැන් අබලන් තත්වයේ පවතී.
මෙම ගුවන් යානයේ ඉතිහාසය ගැන සඳහන් කරන්නේ නම්, 1990 වර්ෂයේදී පමණ නිපදවන ලද “ලිහිණියා” නම් මෙම ගුවන් යානය නිපදවා ඇත්තේ ලංකාවේ විසු සුප්‍රකට විද්‍යාඥයකු වන රේ. විජයවර්ධන මහතා විසිනි.
නිෂ්පාදනය කිරීමෙන් අනතුරුව රේ විජේවර්ධන ලිහිණියා ගුවන් යානය සමග
නාරාහේන්පිට ගබඩාවේ තිබී හමුවූ අබලන් ලිහිණිය ගුවන් යානය