නැගණිය දුෂණය කල සහෝදරයා අත්අඩංගුවට
වයස අවුරුදු 09 ක් වන තම නැගණියව දුෂණය කළ බව කියන 17 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මාදම්පේ පොලීසිය පවසයි.
මෙලෙස අතවරයට ලක්ව ඇත්තේ හලාවත – කාක්කපල්ලිය,සියඹලාගස්වෙල පදිංචිව සිටි දැරියක වන අතර ඇය ප්‍රදේශයේ පාසලක 04 වන වසර පන්තියේ ඉගෙනුම ලබමින් සිටියි.
දැරිවියගේ මව රැකියාවක් සදහා විදේශ ගත වී සිටින බැවින් ඇය තම පියා බාරයේ සිට ඇති අතර පසුගිය ජනවාරි මාසයේ දිනක පියා නිවසේ නොමැති අවස්ථාවක සැකකාර සහෝදරයා විසින් තම නැගණියව දුෂණය කර ඇති බව දැනට කරන ලද විමර්ශන වලදී හෙළිවී ඇත.
අනතුරුව පසුගිය දිනක විදේශ ගතව සිටි මව නැවත නිවසට පැමිණි අවස්ථාවේ දැරිය ඒ බව මවට පවසා ඇත.
පසුව මව සිද්ධිය පිළිබඳව මාදම්පේ පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අතවරයට පත්ව ඇති දැරිවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.