නැගණිය සමග තිබු අනියම් ඇසුර හෙළිවී සැමියා දුම්රියට පනියි

null

තම බිරිඳගේ නැගණිය සමග අනියම් ඇසුරක් පවත්වා ඇති සැමියෙකු ඒ බව බිරිඳට හෙළි වීමෙන් පසු දුම්රියට පැන සියදිවි හානි කරගෙන තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ යාය 13 පදවිය සිංහපුර ලිපිනයේ මීට පෙර පදිංචිව සිටි වරාගොඩ තලාව ලිපිනයේ පදිංචිව සිටි ආර්.එම් චමින්ද රත්නායක (26) දෙදරු පියෙකි.

ඔහුගේ මරණ පරීක්ෂණයේදී බිරිඳ වන බෝපිටියගේ ධම්මිකා කුමාරි (25) මහත්මිය පවසා ඇත්තේ මියගිය සැමියා සිය බාලවයස්කාර නැගණියත් සමග අනියම් සබධතාවයක් පවත්වා ඇති බවයි. ඇය මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින බවත් සිද්ධිය සිදුවු දිනට පෙර දිනයේ සිය සැමියා සහෝදරියත් සමග අනියම් අඹුසැමියන් ලෙස ඇසුරක් පවත්වා ඇති බවයි.

එය සිය සැමියා විසින් ඔහුගේ ජංගම දුරකතනයේ පටිගත කර ඇති බවත් අල්මාරියේ සඟවා තිබියදී තමාට ඒ දුරකථනය හමුවූ බවත් එය පරික්ෂා කිරීමේදී එම වීඩියෝ පටය තමා දුටු බවත් ඇය පවසා ඇත.

මේ සම්බන්ධයෙන් තමන් සැමියාගෙන් විමසු බවත් අනතුරුව ඔහු තමන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කර ගෙලට පිහියක් තබා තමා ළඟ තිබු ඔහුගේ ජංගම දුරකථනය ලබාගෙන එම වීඩියෝව මකා දැමු බව ඇය වැඩි දුරටත් පවසා තිබේ.

ඉන් අනතුරුව ඔහු නිවසින් පිටත්වී ගිය බවත් පසුව ඉගුරුවැව තිරප්පනය හංදිය දුම්රිය හරස් මාර්ගය අසලදී සැමියා දුම්රියට පැන දිවිනසාගෙන ඇති බව ආරංචි වු බවත් සාක්ෂි ලබා දෙමින් ඇය පවසා තිබුණි.

කොළඹ කොටුවේ සිට අනුරාධපුර දක්වා ධාවනය වු දුම්රියට පැන ඔහු සියදිවි හානි කරගෙන තිබුණි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>