නැතිවූ දරුවා අවුරුද්දකට පසු යළි හමුවේ

null

මිට වසරකට පෙර අම්බලන්ගොඩ බස් නැවතුම්පලේ දී පැහැරගැනීමට ලකිවු එවකට දෙහැවිරිදි වියේ පසුවූ පිරිමි දරුවෙකු දඹුල්ල නගරයේ යාචකයකු ළඟින් ඊයේ (22) සොයාගත් බව පොලිසිය පවසයි. දරුවා එසේ පැහැර ගැනීමට ලක්ව ඇත්තේ ඔහුගේ මිත්තණිය සමග අම්බලන්ගොඩ බස් නැවතුමේ සිටින විටයි.

දරුවාගේ මිත්තනිය පවසන ආකාරයට සිද්ධිය මෙසේය,

ඔවුන් පදිංචිව සිට ඇත්තේ මාතර අකුරැස්ස ප්‍රදේශයේය. දරුවාගේ මව එතෙර රැකියාවකට ගොස් ඇති අතර දරුවා රැකබලාගෙන ඇත්තේ මිත්තනිය වන වඩිවේල් සිවපාක්‍යම්. එදින අම්බලන්ගොඩ බස් නැවතුමට පැමිණ ඇත්තේ බසයකට නැඟීමටය. ඒ අසලට පැමිණි යාචකයෙකු දරුවාගේ මිත්තණියට මත්පැන් විශේෂයක් පානය කිරීමට ඉඩදී දරුවා පැහැරගෙන ගොස් ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත. මෙම මිත්තනියද කලක් හිඟමනේ යෙදුනු බව වාර්තා වේ.

කෙසේවෙතත් දරුවා අතුරුදහන් වීමෙන් පසුව මිත්තනිය රට පුරා නගරයෙන් නගරයට ගොස් දරුවා සෙවීමට උත්සහ දරා ඇත. දරුවාගේ ඡායා රූපද මුද්‍රණය කරවාගෙන ඒවා රටේ නොයෙකුත් නගරවලට ගොස් ත්‍රීවිල් රියදුරන්ට ඇතුළු බොහෝ දෙනෙකුට ලබාදෙමින් මෙම දරුවා සිටින තැනක් දුටුවොත් වහා දන්වන ලෙසටය.

එහි ප්‍රතිඵලයක් ලෙස මෙම කාන්තාව දඹුල්ල නගරයට ද පැමිණ ඇත. එහිදී ඇය ත්‍රීවිල් රියදුරෙකුට එම දරුවාගේ ඡායා රූපයක් පෙන්වා තිබේ. ඒ අනූව ත්‍රීරෝද රථ රියදුරෙකු එම ඡායා රූපයට සමාන රුවක් සහිත මෙම දරුවා දැකීමෙන් පසු දඹුල්ල පොලීසියට කළ පැමිණිල්ලක ප්‍රතිඵලයක් ලෙස පොලිසිය ක්ෂණිකව ක්‍රියාත්මක වී දරුවා පොලිස් බාරය‍ට ගෙන ඇත.

පොලිස් අත්අඩංගුවට ගත් සැකකාර යාචකයා කෑගල්ල ප්‍රදේශයේ පදිංචි ලොකු මුදියන්සේලාගේ කමල් නම් අයෙකි. ඔහු පොලිසියට පවසා ඇත්තේ දරුවා තමන්ගේ බවයි. එමෙන්ම යාචකයා හා දරුවා අතර ලොකු බැඳීමක් ඇති බවත් දරුවා යාචකයාට තාත්තා යැයි කියන බවත් යාචකයා පොලිස් කූඩුවට දැමූ පසු තමා සමග එන ලෙස යාචකයාට කථා කළ බවත් වාර්තාවේ.

මෙම ගැටලුවත් සමග දරුවා හඳුනා ගැනීම සඳහා මවටත් පියාටත් වහා පොලීසියට පැමිණෙන ලෙසට දැනුම්දී ඇත. එසේම මිත්තණිය ද මේවන විට දඹුල්ල පොලීසියේ පසුවේ. එසේම දරුවාගේ සැබෑ මව්පියන් හඳුනාගැනීම සඳහා ඩී.එන්.ඒ පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකරී අජිත් රෝහණ මහතා පවසයි.

දඹුල්ල වැඩ බලන මහේස්ත්‍රාත් නිලූකා විජේරත්න මහත්මිය සැකකරු සහ දරුවාද ලබන මස 12 වැනි දා බලපිටිය මහේස්ත්‍රාත් හමුවට පමුණුවන ලෙස නියෝග කළාය. එතෙක් දරුවා අනුරාධපුර ළමා නිවාසයකට බාර දීමට ද නියෝග කර තිබේ.

null
null
null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>