නැවතත් ඌව මහ ඇමති ශෂීන්ද්‍ර – ජනතාවගේ මහ ඇමැති හරින්

shashindra and harin

ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා දෙවන වතාවටත් ඌව පළාතේ මහඇමති ලෙස ලබන 30 වැනිදා පෙරවරුවේ ජනපති ලේකම් කාර්යාලයේදී දිවුරුම්දීමට නියමිත බව ඌව ආණ්ඩුකාර සී. නන්දමැතිව් මහතා පවසයි.

එදිනට ඌව පළාත් සභාවේ ඇමති මණ්ඩලය ද දිවුරුම්දීමට නියමිත බව වාර්තාවෙයි.

කෙසේ වෙතත් ඌව පළාත් මැතිවරණයේ දී වැඩිම මනාප ප්‍රතිශතයක් ලබා ගත් හරීන් ප්‍රනාන්දු මහතා අද (24) සිරිකොත එජාප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී පවසා ඇත්තේ ශෂීන්ද්‍ර රාජපක්ෂ ඌවේ මහ ඇමැති වන්නේ කොළයට පමණක් බවත්, ජනතාවගේ මහ ඇමැති තමා බවත්ය.

ජාතික යොවුන් පෙරමුණේ සභාපති ධුරයට හරින් ප්‍රනාන්දු මහතාගේ නම යෝජනා වූ අතර ඔහු එය ප්‍රතික්ෂේප කර නැවත හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතාගේ නම යෝජනා කර ඇත්තේ ඌවේ ජනතාව වෙනුවෙන් තමාට පැවරී ඇති වගකීම් ඉටු කිරීම වැදගත් බව පවසමින්ය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>