නෑනාගේ ලැප්ටොප් එක මස්සිනා වැවට විසිකරලා

null

විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ විභාගයට සැරසෙමින් සිටි බිරිඳගේ නැඟණියගේ ලැප්ටොප් වර්ගයේ පරිගණකය සොරකම් කර වැවකට විසිකළ මස්සිනාකෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් 28 වැනිදා සිදු ව ඇති මෙම සිදුවීම පිළිබඳව ණැඟණිය විසින් පොලීසියට පැමිණ පැමිණිලි කර තිබුණේ තමාට අයත් රුපියල් ලක්ෂ 3 කට අධික වටිනාකමකින් යුත් රන් භාණ්ඩ සහ විශ්ව විද්‍යාලයේ දේශන ඇතුළත් ලැප්ටොප් පරිගණකය මස්සිනා විසින් සොරකම් කර ඇති බවටයි.

පසුව මස්සිනාගෙන් සිදු කරන ලද පොලිස් ප්‍රශ්න කිරීම්වලදී රන් භාණ්ඩ උකස් කළ බවත් ලැප්ටොප් පරිගණකය වැවට විසි කළ බවත් පවසා තිබේ.

ඒ අනුව කුරුණෑගල නගරයේ උකස් මධ්‍යස්ථාන කිහිපයකදී රන් භාණ්ඩ පොලීසිය විසින් සොයා ගත් අතර අදාළ ලැප්ටොප් පරිගණකය සොයා කුරුණෑගල වැව පීරීමට කුරුණෑගල පොලීසියට සිදු විය.

මස්සිනා විසින් වැවට විසිකළ ස්ථානය හඳුනාගැනීමෙන් පසුව අදාළ ලැප්ටොප් පරිගණකය සොයා කුරුණෑගල වැවේ කිමිදුම්කරුවන් පිරිසක් මෙහෙයුම් සිදු කළ අතර පැය දෙකකටත් වැඩි කාලයක් වැය කළත් පරිගණකය සොයා ගැනීමට හැකි වූයේ නැත.

පසුව පොලීසිය විසින් සිය උත්සහය අතහැර දැමීමට සැරසෙද්දී එහි පැමිණි 07 හැවිරිදි කුඩා දරුවෙකු වැවේ වෙනත් ස්ථානයක් පෙන්වා එහි තිබූ ලැප්ටොප් බෑගයක් තමා ගෙදර ගෙන ගිය බව පවසා තිබුණි.

පසුව පොලීසිය විසින් අදාළ ස්ථානය අවට වැව් පතුලේද කිමිදුම්කරුවන් යොදා සෝදිසි මෙහෙයුම් සිදු කළ අතර එහිදී පොලීසියට අදාළ ලැප්ටොප් පරිගණකය සොයා ගැනීමට අවස්ථාව උදා විය. ඒ අනුව අදාළ සැකකාර මස්සිනා අධිකරණයට ඉදිරිපත් කිරීමේන් පසු ලබන සැප්තැම්බර් 04 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>