නිතිවිරෝධිව ඇත් පැටවෙකු ගෙනයමින් සිටි පිරිසක් පොලිසියට කොටුවේ

01

මහනුවර සිට මින්නේරියට ලොරියකින් ඇත් පැටවෙකු ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු මාතලේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මාතලේ පොලීසියට ලැබුණු තොරතුරකට අනූව මෙම වැටලීම කර ඇති අතර මාතලේ, බලකටුව ප්‍රදේශයේදී ඇත් පැටවා පොලිස් භාරයට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් මහනුවර සිට එම ඇත් පැටවා රැගෙන එමින් සිටි බවට හෙළි වී ඇති අතර ඇත් පැටවා ප්‍රවාහනය කිරීමට ප්‍රවාහන බලපත්‍රයක් හෝ ඇත් පැටවා ළඟ තබා ගැනීමට අදාළ කිසිදු බලපත්‍රයක් සැකකරුවන් සතුව ඒ වන විට නොතිබූ බව පොලිසිය සඳහන් කර ඇත.

පොලිස් භාරයට ගත් එම ඇත් පැටවා වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා මින්නේරිය වනජීවි නිලධාරීන්ට බාරදී තිබේ.

02

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>