නිදහස් දිනයට ජාතික ගීය දෙමළෙන් ගයන්න කැබිනට් අනුමැතිය

null

ලබන පෙබරවාරි 04 වෙනිදා පැවැත්වෙන ජාතික නිදහස් දින සමරු උළෙලේදී දෙමළ භාෂාවෙන් ජාතික ගීතය ගායනා කරවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ සම්බන්ධව මාධ්‍ය අමතා ප්‍රකාශ කර ඇත. ඔහු පවසන්නේ ශ්‍රී ලංකා අනන්‍යතාව පිළිබඳ පාර්ලිමේන්තු කැබිනට් අනුකාරක සභාව මගින් කරන ලද යෝජනාවක් පරිදි මෙම පියවර ගෙන ඇති බවයි.

යෝජනා කිහිපයක් අඩංගු එම යෝජනාවලියේ පළමු යෝජනාව වූයේ ජාතික ගීය සිංහල සහ දෙමළ භාෂා දෙකෙන්ම ගායනා කළ යුතු බව කියන අමාත්‍යවරයා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ගෙන ආ අවස්ථාවේ ඒ පිළිබඳ කිසිවකුගේ විරෝධයක් මතු නොවූ බවත්, යම් යම් අදහස් පමණක් මතු වූ බවත් පැවසුවා. ඒ අනුව අගමැතිවරයාගේ එකඟතාව ද ඒ සඳහා හිමි වූ බව කියන ඔහු ලබන පෙබරවාරි 04 වෙනිදා පැවැත්වෙන ජාතික නිදහස් දින සමරු උළෙලේදී සිංහලෙන් මෙන්ම දෙමළ භාෂාවෙන් ජාතික ගීතය ගායනා කරවනු ඇති බව කියා සිටියා.

ඒ අනුව මේ ආකාරයට ජාතික ගීය දෙමළ බසින් නිදහස් දින උළෙලකදී ගායනා වනු ඇත්තේ පළමු වතාවටයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් උදය ගම්මන්පිල මහතා සඳහන් කර ඇත්තේ නිදහස්‌ උත්සවයේ දී ජාතික ගීය දෙමළ භාෂාවෙන්ද ගායනා කිරීමෙන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව උල්ලංඝණය වන බවයි.

ශ්‍රී ලංකාවේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව ජාතික ගීයේ පදමාලාව විය යුත්තේ 3 වන උපලේඛණයේ දක්‌වා තිබෙන ශ්‍රී ලංකා මාතා වෙනුවෙන් දැක්‌වෙන පදමාලාවයි.

ව්‍යවස්‌ථාවේ 83 වන වගන්තිය අනුව ජාතික ගීය සිංහල පදමාලාවට අමතරව දෙමළ පදමාලාවද එකතු කිරීමට නම් 83 වන ව්‍යවස්‌ථාව අනුව පාර්ලිමේන්තුවේ 2/3 ක ඡන්දය සහ ජනමත විචාරණයෙන් එය අනුමත විය යුතු වනවා. ඒ අනුව ජාතික ගීය ජාතික උත්සවයකදී දෙමළ භාෂාවෙන් ගායනා කිරීම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව උල්ලංඝණය කිරීමක්‌ මෙන්ම එය ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාස භංගයක්‌ ගෙන ඒමට තරම් වරදක්‌ වෙයි.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා මෙසේ ද පැවසීය. තමිල්නාඩුව දෙමළ ජනතාවගේ නිජභූමිය වුවත් ජාතික ගීය ගායනා කරන්නේ බෙංගාලි භාෂාවෙන් මිස දෙමළ භාෂාවෙන් නෙවෙයි. ඉන්දියාවේ රාජ්‍ය භාෂා 16 ක්‌ තිබුණත් බෙංගලි බසින් පමණයි ජාතික ගීය ගායනා කරන්නේ. ඒ සමස්‌ථ ජාතියේ ඒකාත්මික බව ජාතික ගීයෙන් සහ කොඩියෙන් තීරණය වන නිසා.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>