නිදහස් දින පාරවල් වැහෙන හැටි

null

නිදහස් දින සැමරුම නිමිත්තෙන් පාර්ලිමේන්තුව අවට මාර්ග කිහිපයක් උදෑසන 6.00 සිට 11.00 දක්වා වසා තැබෙන බව පොලිස් මූලස්ථානය පවසයි.

මෙලෙස වසා තැබෙන්නේ කිඹුලාවල හන්දියේ සිට කියැන්හැම් වට රවුම දක්වා වූ ජපන් මිත‍්‍රත්ව පාර, පොල්දූව හන්දියේ සිට පාර්ලිමේන්තුව දෙසට ඇති පාර්ලිමේන්තු පාර, එච්.එන්.බී. වටරවුම සිට කියැන්හැම් වටරවුම, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, පැලවත්ත හන්දියේ සිට කියැන්හැම් වටරවුම දක්වා වූ පැලවත්ත පාර සහ පාර්ලිමේන්තු ක‍්‍රීඩාංගනය ඉදිරිපිට ඇති මාර්ගයයි.

නිදහස් දින උළෙලේ පෙරහුරුවක් අදත් පැවැත්වෙන බවද, මෙය අද සහ හෙට දිනයේ ක්‍රියාත්මක වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>