නිදහස් පක්ෂයේ කොටසක් අලියාට එක්වෙයි

null

ඉදිරි මහමැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් යුත් යහපාලනය සඳහා වන එක්සත් ජාතික පෙරමුණ යටතේ තරඟ වැදීමට පක්ෂ කිහිපයක් එකඟ වී ඇති බව හිරු නිව්ස් වාර්තා කරයි.

ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් සහ ජාතික හෙළ උරුමය මෙන්ම තවත් දේශපාලන පක්ෂ කිහිපයක්ම එක්වනු ඇති බවයි වාර්තා වේ.

රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග සහ අමාත්‍ය එම්.කේ.ඞී.එස්. ගුණවර්ධන ද නිදහස් පක්ෂයෙන් ඉවත්ව මහමැතිවරණයට එක්සත් ජාතික පක්ෂය යටතේ තරඟ කිරීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් 8 දෙනෙකු මෙම තීරණය සමඟ එක්වීමට සූදානමින් සිටින බවත්, මීට අමතරව අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ රතන හිමියන් ද අලියා ලකුණින් එක්සත් ජාතික පක්ෂය යටතේ තරඟ කරන බවත් අමාත්‍ය එම්.කේ.ඞී.එස්. ගුණවර්ධන වැඩිදුරටත් සදහන් කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>