නිදහස් පක්ෂයේ 25ට විපක්ෂයේ ඉන්න අවසර

null

වත්මන් ආණ්ඩුවේ ඇමති ධුර ලබානොගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විපක්ෂයේ කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට බාධාවක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජාතික ආණ්ඩුවට එක් නොවූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරුන් 25 දෙනෙකු සහ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ හමුවක් කොළඹදී ඊයේ පස්වරුවේ පැවැත්විය.

එහිදී ජනපතිවරයා ඊට අවසර ලබාදී තිබේ. එහෙත් මේ මොහොතේදී විපක්ෂ නායක ධුරය සම්බන්ධව ඉල්ලීම් නොකරන ලෙසත් පක්ෂයට හානියක් නොවන ලෙසට කටයුතු කරන ලෙසත් එහිදී ජනාධිපතිවරයා පවසා තිබේ.

මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, මහින්දානන්ද අලූත්ගමගේ, පවිත‍්‍රා වන්නිආරච්චි සහ රෝහිත අබේගුණවර්ධන, ගාමිණී ලොකුගේ, රංජිත් සොයිසා, ගීතා කුමාරසිංහ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, කුමාර වෙල්ගම යන මහත්ම මහත්මීන් සහභාගි වී තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>