නිදහස් පක්ෂ මන්තී‍්‍රවරුන්ගේ රැස්වීමක් අද

null

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සියලූ මන්තී‍්‍රවරුන් අද කොළඹට කැඳවා තිබේ. ඒ පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන විශේෂ රැස්වීමක් සඳහා බව හිරු නිව්ස් වාර්තා කරයි.

පස්වරු 04ට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී එම රැස්වීම පැවැත්වෙන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා සඳහන් කර තිබේ.

ඒ, හිටපු ජනාධිපතිි සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙනි.

සන්ධාන ඇමතිවරුන් පිරිසක් ඊයේ (10) කොළඹ පවතී මාධ්‍ය හමුවකට සහභාගී වූ අතර ඔවුන් එහිදී ප්‍රකාශ කර සිටියේ නව ජනාධිපතිට තමන්ගේ සහයෝගය ලබාදෙන බවත්, දිනේ 100 වැඩපිළිවෙල ප‍්‍රතිලාභ ජනතාවට ලබාදිය යුතු බවත් ය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>