24 Jan 2015
නිධන් හෑරීමට ගිය 4ක් අත්අඩංගුවට
මහඔය පොලිස් වසමට අයත් ටැම්පිටිය වීරම්තලාව ප්රදේශයේදී නිධානයක් ලබාගැනීම සඳහා අනවසරයෙන් කැණීමක් සිදුකරමින් සිිටි පුද්ගලයින් 4 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහඔය පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ සෝදිසියක දී මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේය.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් මහඔය ප්රදේශයේම පදිංචිකරුවන් වන අතර කැණීම සඳහා යොදාගත් බව කියන උපකරණ සහ පූජා භාණ්ඩ ද සිය භාරයට ගත් බව පොලිසිය පවසයි.
සැකකරුවන් දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.