නිරූපිකාවන්ගේ නිරුවත් ඡායාරූප මුදාහළ මෝස්තර ශිල්පියා මාට්ටු

null

නිරූපිකාවන්ගේ නිරුවත් ඡායාරූප වෙබ් අඩවිවලට මුදාහළ බව කියන ඇඳුම් මෝස්තර ශිල්පියෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් ජූනි 7 තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

මෙම පුද්ගලයා ‘ඒෂියන් මොඩ්‘ නමැති ඇඳුම් මෝස්‌තර නිර්මාණ ආයතනයේ නිර්මාණ ශිල්පියෙකු වන ජොහාන් සම්පත් රොමේෂ් ද සිල්වා නමැති අයෙකි.

ලංකාදීප පුවත් වාර්තා කරන පරිදි රහස් පොලිසිය අධිකරණයට දැන්වා ඇත්තේ ප්‍රමුඛ පෙළේ ඇඟලුම් අලෙවි ආයතනවලට ඇඳුම් මෝස්තර සපයන සැකකරු ඡායාරූපවලට නිරූපිකාවන් යොදාගෙන ඇති බවත්, ඔවුන් කිහිපදෙනකුගේ නිරුවත් ඡායාරූප බලෙන් රැගෙන ළඟ තබාගෙන ඇති බවත් ය.

ඔහු විසින් බලෙන් රඳවා ගන්නා ලදැයි කියන කාන්තාවන් තිදෙනෙක් පොලිසියට පැමිණිලි කර ඇත. සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට පැවසූයේ ඔහුට එරෙහිව ඇති පැමිණිලි සියල්ල ප්‍රතික්ෂේප කරන බවයි.

නීතිඥවරයා ඔහුට ඇපද ඉල්ලා තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>