නිල ඇඳුම් වෙනුවට පාසල් සිසුන්ට වවුචර් පතක්
2016 වසර සඳහා පාසල් සිසුන්ට ලබාදෙන නිල ඇඳුම් වෙනුවෙන් වවුචර ක්‍රමයක් හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ ඒ සඳහා ලබාදෙන මුදල් වවුචරයේ වටිනාකම ඉදිරියේදී තීරණය කරන බවයි.
ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර ඒ අනුව ලබන වසර සඳහා පාසල් සිසුන්ට නිල ඇඳුම් ලබා නොදෙන අතර ඒ සඳහා වවුචරයක් ලබාදීමට සැලසුම් කර ඇත.
පාසල් නිල ඇඳුම් ලබාදීමේදී එම රෙදි වල ප්‍රමිතිය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු සලකා බලා මෙම තීරණය ගෙන ඇති අතර ප්‍රමිතියෙන් යුත් රෙදි මිලදී ගෙන ඇතැම් විට එම මුදලින්ම නිල ඇඳුම මසා ගැනීමට හැකිවන පරිදි මෙම වවුචරය ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමුව ඇතැයි සඳහන්ය.
මේ අතර ඌව පළාතේ ගුරුවරුන්ට පාසල් කාලය තුළ ජංගම දුරකථන භාවිතය තහනම් කිරීමට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක තීරණය කර තිබේ. ලබන ජනවාරියේ සිට ඊට අදාළ චක්‍රලේඛය පාසල් වෙත නිකුත් කරන ලෙස අදාළ බලධාරින්ට උපදෙස් ලබාදී ඇති බව ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කර ඇත.