25 Sep 2015
නිවසකට අකුණක් වැදී කාන්තාවන් 2ක් මරුට
ගොකරැල්ල, හදවල්පොල – දික්දෙණිය ප්රදේශයේ නිවසකට අකුණුසැර වැදිමෙන් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබේ. පොලිසිය පැවසුවේ 55 හැවිරිදි සහ 36 හැවිරිදි වියේ පසු වූ අදාළ කාන්තාවන් දෙදෙනා නැන්දම්මා සහ ලේලිය වන බවයි.
අනතුර සිදුවන අවස්ථාවේදී නිවසේ රැදී සිට ඇත්තේ ඔවුන් දෙදෙනා පමණයි.
මේ අතර බකමූණ පඹුරේවෙල අත්තනකඩවල ප්රදේශයේදී අකුණු සැර වැදීමෙන් 54 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ.
මියගිය පුද්ගලයාගේ බිරිඳට ද අකුණු සැර වැදී ඇති අතර ඇය අත්තනකඩවල රෝහලේ ප්රතිකාර ලබන බව පොලිසිය පැවසුවේය.