නිවසක බඩුමුට්ටු කුඩු කළැයි හිරුණිකාට චෝදනා

null

බස්නාහිර පළාත් සභා මන්තී‍්‍රනි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය ඇතුළු කණ්ඩායමක් තම නිවසට පැමිණ දේපළවලට අලාභ හානි සිදුකළ බවට රාජගිරිය පොල්වත්ත ප‍්‍රදේශයේ පදිංචිකාරිනියක් චෝදනා කරන බව නෙත් නිව්ස් වාර්තා කරයි.

ඊයේ (09) පස්වරුවේ අත්පති‍්‍රකා බෙදීමේ වැඩසටහනක් අතරවාරයේ ඇති වූ ගැටුමකින් පසු මෙම පහරදීම සිදුවූ බව ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන් පොලීසියට මෙන්ම මැතිවරණ මහලේකම් කාර්යාලයටද පැමිණිලි කල බව එම කාන්තව පවසයි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් තවමත් තමන් වෙත වාර්තා වී නැතැයි පොලිස් ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසා ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>